Thursday, November 12, 2020

අපි කවුරුන්ද?

 Ceylon Rhythm Of Worship (CROW) - ලාංකේය නමස්කාරයේ රිද්මය

1986දී පමණ සුළුවෙන් ආරම්භ කරන්නට යෙදුණු මෙම සංගීත සේවය 2000 වර්ෂයේ සිට නමස්කාරයේ රිද්මය නමින් පවත්වා ගෙන එයි. මෙම සංගීත සේවය දේශීය කිතුනු නමස්කාරයේ අභිවෘද්ධිය ස‍‍ඳහා යොමුවී ඇත.

බයිබල් වගන්තිය:-

ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුළ සමෘද්ධිව වාසය කෙරේවා. නුඹලා ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට උගන්වමින් දැනමුතුකම් දෙමින් නුඹලාගේ සිත් වල අනුග්‍රහය ඇතුව ‍දෙවියන් වහන්සේට ගීතිකා කරන්න. තවද නුඹලා වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරතත් සියල්ලම ස්වාමිවු යේසුස් වහන්සේගේ නාමයෙන් කරමින් උන්වහන්සේ කරණකොට ගෙන පියවු දෙවියන් වහන්සේට ස්තුති කරන්න.  (කොලොස්සි 3:16-17)

අපගේ දැක්ම:-

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයේ පදනම මත ගොඩනැගුනු දේශීය සංගීතයෙන් පිරිපුන් නමස්කාරමය සහ සුබාරංචිමය සන්නිවේදනයක් සදහා සභාව සන්නද්ධ කිරීම.

අපගේ දූතමෙහෙවර:-

1. පර්යේෂණ:- ලාංකේය කිතුනු සංගීතය පිළිබදව සමීක්ෂණ, පරීක්ෂණ හා විශ්ලේෂණය තුළින් දේශින නමස්කාරයට හදුන්වාදීම.

2.ප්‍රසාංගික:- ජාතික මට්ටමේ පෙරඅපර දෙදිග ගායක/වාදක/නර්තන/නිවේදක යන ප්‍රසාංගික කණ්ඩායමක් ඇති කිරීම

3.ගෝලත්වය:- පෙරඅපර දෙදිග සංගීතය පාඨමාලාවන් (ගායනය,වාදනය)  / ශබ්ධපරිපාලනය පඨමාලාවන් සහ  නමස්කාර පාඨමාලාවන් හඳුන්වාදීම.

4.මෙවලම්:- නමස්කාරය සහ සංගීතයට අවශ්‍ය (නව ගීතිකා තැටි/ස්වර ප්‍රස්ථාර පොත්/ගීතිකා පොත්) වැනි මෙවලම් නිෂ්පාදනය.

5.අතහිත:- නමස්කාර අවශ්‍යතාවයන් සදහා සභාවට උපකාර කිරීම.

අපගේ නිළ මණ්ඩලය:-
අනුශාසක මණ්ඩලය:-

ගෞ. එස්. ජයන්ත ද සිල්වා

ගෞ. ආචාර්‍යය විනෝද් ගුණසේකර මහතා

ගෞ. කතිකාචාර්‍යය අජිත් ජයවර්ධන මහතා

විධායක කමිටුව:-

අධ්‍යක්ෂක – දේවගැති ජෝයි ද සිල්වා

ලේකම් – දේවගැති යොහාන් නිම්රොද්

භාණ්ඩාගාරික – සහෝදරී සංජීවනී ලක්ෂ්මි

කමිටු සාමාජික:-

සහෝදර ධනුෂ්ක ප්‍රනාන්දු

සහෝදර දේවින්ද මදුශංක

සහෝදර අශාන් තිමති

සහෝදරී නහෝමි සෙල්වනායගම්

අපගේ තොරතුරු:-

විද්‍යුත් තැපෑල :- rhythmofworship@yahoo.com

දුරකතන:- 0777-005548


Tuesday, November 10, 2020

සාදරයෙන් පිළිගනිමු!

ගීතාවලිය ස්වර ප්‍රස්ථාර බ්ලොග් පිටුවට සාදරයෙන් පිළිගනිමු. ''නමස්කාර රිද්ම'' සේවය මඟින් මෙම පිටුව මෙහෙයවනු ලබන අතර කිතුනු සංගීතය ගැන උනන්දු සහ වාදනය පුහුණු වන ආධුනිකයින් සඳහා මෙම බ්ලොග් පිටුව ආශිර්වාදයක් වේවායැයි අපි යදිමු. නිතර භාවිතා කරන ගීතිකා 500ක් පමණ මෙම බ්ලොග් පිටුවට ඇතුළත් කිරීමට අපි සූදානම් කර ඇති අතර ස්වර සහ මූළික කෝර්ඩ්ස් ද ඇතුළත් කර ඇත. ''නමස්කාර රිද්ම'' සේවය ගැන දැනගන්න අපගේ වෙබ් පිටුවට යන්න පහතින් ඔබන්න.

Rhythm Of Worship

  • 100%ක් නොමිලයේ සේවය සපයනු ඇත.
  • ඔබගේ පහසුවට ගීතිකා කාණ්ඩ කර ඇත.
  • ගීතිකා 500ක් දක්වා අප්ලෝඩ් කරනු ඇත.
  • පරිගණකය සහ දුරකතනය මඟින් මෙම සේවය ලබාගත හැකිය.
  • ගීතිකා පින්තූරයක් ලෙස ඩවුන්ලෝඩ් කරගත හැකිය.
  • මෙම ගීතිකා ඇතුළත් ස්වර ප්‍රස්ථාර පොත් මිලදී ගැනීමට හැකිය.

වැඩි විස්තර සඳහා විමසන්න.
0777005548

ඔබගේ අදහස් අපට ලියන්න (Comment). මිතුරන් අතර බෙදාහරින්න (Share).